Thursday, May 2, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම සෑදු සුසානය වෙත ජනතා සෝ සුසුම් මැද දේහය රැගෙන යයි




අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මේ වන විට ඔහු විසින්ම මීට පෙර සකස් කළ සුසානය වෙත රැගෙන යමින් තිබෙනවා.

එම අවස්ථාවට ආගමික නායකයින්, දේශපාලඥයින්, විද්වතුන් ඇතුළු ඔහුට ආදරය කළ විශාල ජනතාවක් එක්ව සිටින බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තානරු විරාජ් ලන්සකාර පැවසුවේ. 

දේහය නිවසින් රැගෙන ඒමට පෙර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමා්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ශෝක පණිවිඩ එහිදී ඉදිරිපත්  කෙරුණා.

මේ ඉන් අනතුරුව අවමංගල්‍ය උත්සව සභාව ඇමතූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අවමංගල්‍ය උත්සව සභාව ඇමතුවා.  


මේ අතර අද පෙරවරුවේ සිටම බොහෝ දේශපාලඥයින්ද අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.