Monday, May 6, 2024

General line - 0115112241

ඉරානය සමග ගණුදෙනු කරන රටවලට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්




ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධ උණුසුමක් මතුව ඇති පසුබිමක ඊට අමෙරිකාව කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි මේ වන විට ලොවම බලා සිටිනවා.

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවූවා.

ඒ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව වීම විශේෂත්වයක්.

අමෙරිකාරාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් පැවසුවේ පවතින අවදානම් තත්ත්වය අවබෝධ කර ගැනීම වඩා වැදගත් බවයි.  

අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඉරානය සමග ව්‍යාපාර කරන ඕනෑම අයෙකු අමෙරිකාව විසින් පනවන ලද සම්බාධකවල තර්ජනය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

මේ අතර, ඉරාන ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව ද අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එහිදී පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කරන බවයි.