Saturday, May 4, 2024

General line - 0115112241

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්




වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි වුණා.

ඒ, කාන්තා තුන්පිම්ම ඉසව්වෙන්. එහිදී ශ්‍රී ලංකාවට රිදි පදක්කම දිනා දුන්නේ නෙත්මිකා මදුශානී හේරත්.

ඇය එහිදී මීටර් 13යි 01ක දුරක් වාර්තා කර තිබෙනවා. නෙත්මිකා මදුශානී හේරත් මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

මෙවර අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.