Thursday, May 16, 2024

General line - 0115112241

මැයි දිනයට රැලි සහ පෙලපාලි 40ක් - පොලීසිය සීරුවෙන්




මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලදී මැයි දින පෙලපාලි සහ මැයි රැලි 40ක් පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසනවා.

එම පෙලපාලි සහ මැයි රැලිවල ආරක්ෂාව මෙන්ම රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරින් 3,100ට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා යොදවන බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ. 


කොළඹ නගරයේ පමණක් මැයි දින පෙලපාලි සහ රැලි 14ක් පමණ පැවැත්වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

දිවයිනේ කුමන ප්‍රදේශයක හෝ යම් සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ පොලිස් නිලධාරින්ට, පොලිස් මූලස්ථානයට දැනුම් දිමට අද පස්වරු 06 සිට විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.


මැයි දින පෙලපාලි සහ රැලි හේතුවෙන් කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවා.

 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.