වෙළඳපොළේ එළවළු මිල ගණන් ඉහළ යමින් ඇති පසුබිමක දෙහි සහ ඉඟුරු මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද වන විට දෙහි කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 1,500ත් 1,800ත් අතර මිලකයි.
ඉඟුරු කිලෝවක තොග මිල අද වන විට රුපියල් 3,000ත් රුපියල් 3,500ට ආසන්න වී තිබෙනවා.
මේ වන විට වෙළඳපොළේ දෙහි සහ ඉඟුරු මිල ගණන් සම්බන්ධයෙන් මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති එච් එම් උපසේනගෙන් විමසීමක් කළා.
නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ පසුගිය සමයේ සිදුවූ කාලගුණික වෙනස මෙම මිල වැඩිවීමට හේතු වී ඇති බවයි.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පහතරට එළවළු මිල ගණන් සැළකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.