නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බවයි ලිදුල පොලිසිය පවසන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් 39 හැවිරිදි අයෙක්.
බස් රථය අනතුරට පත් වු ස්ථානය අධික බැවුමක් සහිත ස්ථානයක් බවද පොලිසිය පැවසුවා.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ සිට ඇත්තේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණයි.
රංජිත් රාජපක්ෂ