Friday, May 17, 2024

General line - 0115112241

“නීල ලෝහිත” වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරඟය අද




හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය අතර “නීල ලෝහිත” වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදීයි. 

විදුහල් දෙක අතර මෙවර එම ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ තුන්වන වරටයි.

මෙවරද එම ක්‍රිකට් තරඟය ජය ගැනීමට හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායම ඉහළ මානසිකත්වයෙන් තරඟයට එක්වන බවයි එම විදුහලේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර කියා සිටියේ.

මේ, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරඟයට ඇති සූදානම පිළිබඳ අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති මධූකා දෑසමන් ප්‍රනාන්දු.


හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට පසිදු ලක්ෂිත නායකත්වය ලබාදෙනවා. කවීෂ ගිම්හානගේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වනවා.