Friday, May 17, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණියන්ගේ දැඩි උනන්දුවක්




මෙම වසරේ ගතවූ මාස 04ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 2,064 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1,708 දෙනෙකුද, ධිවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 05 දෙනෙකුද එලෙස පිටව ගොස් තිබෙනවා.

මෙසේ පිටව ගිය පිරිස අතුරින් 1,892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, අනෙක් 131 දෙනා දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය අයයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයින 51 දෙනෙකුද දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේවන විට තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවෙමින් පවතින අතර, ඒ අනුව තරුණියන් 41 දෙනෙකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.