Friday, May 17, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතන 03ක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ




මොණරාගල, කටුගස්තොට හා කළුතර යන පොලිස් වසම්වල සිදුවූ මනුෂ්‍ය ඝාතන 03ක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මොණරාගල, නක්කල ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක්.

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර අනෙක් කාන්තාව සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේදීද තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබුණා. 

කළුතර, පින්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.