Friday, May 17, 2024

General line - 0115112241

මැයි රැළියේ ගී ගයන්න ඉන්දියාවේ ගායක ශිල්පීන් පිරිසක් මෙරටට එයි

ටී කේ ජී කපිල




එක්සත් ජාතික පක්ෂය කොළඹ මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණ ඇත්තේ විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් යන ගායන ශිල්පීන්. මීට අමතරව මෙම සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට තවත් ඉන්දීය සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂාද හෙට මෙරටට පැමිණීමට නියමිතයි.