Friday, May 17, 2024

General line - 0115112241

අනවසර කඩ ඉවත් කිරීමේදී පොලිසියට බලපෑම් කළ 6 ක් අත්අඩංගුවට

සම්පත් කුලරත්න




කළුතර නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය අනවසර කඩ ඉවත් කිරීමට යාමේදී පොලිසියට බලපෑම් එල්ලකල පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නගරයේ පදික වේදිකාවේ සහ ඒ අසල වෙළඳාම් කළ පුද්ගලයින් හය දෙනෙකු බව පොලිසිය සඳහන් කරන්නේ.

පසුගිය දිනවල උත්සව සමයට පමණක් වෙළඳාම් කිරීමට ඔවුන්ට අවසර ලබා දී තිබූ බවත්, කළුතර නගර සභා නිලධාරීන් සහ පොලිසිය විසින් එම වෙළඳසැල් අද දින ඉවත් කිරීමට යාමේදී සැකකරුවන් පොලිසියට බලපෑම් කර තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.