Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන මිල සංශෝධනයක්




අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත බව වාර්තා වනවා.

ආරංචි මාර්ග පැවසුවේ ඩීසල් සහ භූමිතෙල් මිල මේ යටතේ අඩු වීමට වැඩි ඉඩක් පවතින බවයි.

බොහෝ විට රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉන්ධන මිල සංශෝධනය වනු ඇති.

ඉකුත් මාසයේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 07කින් පහළ දැමුණා.

ලංකා සුපර් ඩීසල් ඉන්ධන ලීරටයක මිල රුපියල් 72කින් පහළ දැමීමටයි තීරණය කෙරුණේ.

භූමිතෙල් ලීටරයක මිල අඩු වුණේ රුපියල් 12කින්.

කෙසේවෙතත් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටරයක මිළෙහි කිසිඳු වෙනසක් එහිදීද සිදු වූයේ නැහැ.