පකිස්තාන කිසාන් රබිතා කමිටුවේ කැඳවීම මත ගොවීන් රටේ විවිධ දිස්ත්‍රික්ක 30 ක විරෝධතා පෙළපාලි පවත්වා තිබෙනවා.
ඒ, ගොවීන්ගෙන් තිරිඟු මිලදී ගැනීම ආරම්භ කරන ලෙස හා තිරිඟු වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින්.
පන්ජාබ් ප්‍රාන්තයේ පමණක් ලාහෝර්, මුල්තාන්, බහවල්පූර්, වෙහාරි, ජෑන්ග්, පක්පට්ටන්, චිනියොට්, කසුර්, ඛනේවාල්, බහවල්නගර්, ඩේරා ගාසි ඛාන්, බුරේවාලා, චිෂ්තියන් සහ ජම්පූර් යන නගර රැසක විරෝධතා පැවැත්වුණා.
සින්ද්හි, කරච්චි, ෂිකර්පූර්, නවාබ්ෂා, කම්බර් ෂාඩඩ්කොට්, නව්ෂෙහ්රු ෆෙරෝස්, මිර්පූර්කාස්, ඩඩු, සංඝර් සහ ෂාපූර් චකාර් යන ප්‍රදේශවල ද ගොවීන් වීදි බැස රජයට එරෙහිව විරෝධතා පවත්වා තිබෙනවා.
බලෝකිස්තානයේ Quetta සහ Jhal Magsi හි ද, Khyber Pakhtunkhwa පළාතේ Peshawar සහ Mardan හි ද ගොවි විරෝධතා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.
ලාහෝරයේ, පිරිමින්, කාන්තාවන් සහ තරුණයින් ඇතුළු සියගණනක් වූ ගොවීන්, Charing Cross වෙත රැස්ව තිබුණා.
ඔවුන් පන්ජාබ් රජයෙන් ඉල්ලා සිටියේ වහාම ගොවීන්ගෙන් තිරිඟු මිලදී ගැනීම ආරම්භ කරන ලෙසයි