Sunday, September 8, 2024

General line - 0115112241

පවුල් පරිසරය තුළ ළමුන්ට ආරක්ෂාව ලබාදිමේ වැදගත් කම ගැන මනුෂ කියයි 




ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය සමරනු වස් සංවිධනය කළ ''ලෝක ළමා ශ්‍රම විරෝධී'' සැමරුම පසුගිය 12 වෙනිදා නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

එම අවස්ථාවට සහභාගි වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව 1% ක මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව සිය සතුට පලකර සිටි අතර, කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු ළමා ශ්‍රමිකයන් අවම කිරිමට දායක වූ සියළු නිළධරීන්හට සිය ස්තුතිය පල කර තිබුණා.

සියළු ළමුන්ට පාසැල් අධ්‍යාපනය ලබදීමේ වැදගත්කම සහ පවුල් පරිසරය තුළ ළමුන්ට ආරක්ෂාව ලබාදිමේ වැදගත් කම ඔහු එහිදී අවධාරය කළා.

කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිළධරින් සහ ආරාධිතයන් රැසක් එම අවස්ථාවට සහභාගී වුණා.