පුත්තලම සිරම්බ්අඩිය ප්රදේශයේ මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමට බාධා එල්ල වී තිබෙනවා.
පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය, පොලීසිය, ප්රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව සහ ප්රදේශවාසින් එක්ව මේ වන විට කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තවත් පැය කිහිපයකින් ගස ඉවත් කිරීමට හැකි බවයි පුත්තලම පොලිස් ස්ථානය පවසන්නේ.
මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, වත්තේගම පහලයටවර 12 කනුව ප්රදේශයේ කඳු මුදුනක් නාය යාම හේතුවෙන් නිවාස කිහිපයකට දැඩි අවදානමක් එල්ල වී තිබෙනවා.
එක් නිවසක බිත්ති කඩා වැටි අර්ධ හානි සිදුව ඇති අතර ඇතැම් නිවාස මතට ගස් හා පස් කදු වැටීමෙන් එම නිවාසවල වාසය කිරිම අවදානම් බැවින් නිවාසවලින් ඉවත් වන ලෙසට අදාල අංශ මගින් දැනුවත් කර තිබෙනවා.