අධික වර්ෂාතනය හමුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කර තිබෙනවා.
ඒ අනුව වාන් දොරටු 10න් 08ක් අඩි 04 බැගින් හා වාන් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසට පරාක්‍රම සමුද්‍රය භාර වාරිමාර්ග ඉංජිනේරු අංජන අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.
ගල්ලෑල්ල මනම්පිටිය අතර ස්ථාන කිහිපයක් මාර්ගය අඩි හයක් දක්වා ජලයෙන් යටව ඇති අතර එම මාර්ගයේ ගමන් කිරීමට පැමිණි රථ වාහන මාර්ගය දෙපස දිගු පෝලිංවල රඳවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.