Sunday, September 8, 2024

General line - 0115112241

ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ඉල්ලීම් වලට ජනපතිගේ අවධානය 




පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද කථා බහක නිරත වූ ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් ජනපතිගෙන් කළ ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාසල සඳහා පානීය ජල පහසුකම් සපයන ජල මූලය දැඩි කිවුලෙන් යුත් බැවින් දැනට නාවික හමුදාව විසින් ඉදිකරනු ලබන  RO Plant පද්ධතිය කඩිනමින් ඉදිකර දෙන ලෙස මෙහිදී සිසුන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම විද්‍යාලය සඳහා පහසුම් සහිත සුහුරු පංතිකාමරයක් ලබා ගැනීම, පරිගණක ලබා ගැනීම සහ සෞන්දර්ය අංශය සඳහා ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පිළිබඳවද සිසුන් කළ ඉල්ලීම් ඉටු කර දෙන බවට ජනාධිපතිවරයා සහතික විය. 

වන අලි තර්ජන හා දුෂ්කරතා මැද තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ විශිෂ්ටතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය. 

ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම සිසුගේ ක්‍රීඩා සහ කලා හැකියාවන් ඔප් නංවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද එහිදී අවධානය යොමු විය.