Tuesday, August 27, 2024

General line - 0115112241

එල් පී එල් අවසන් වටය හෙට සිට




එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ මූලික වටය ඊයේ රාත්‍රියේ අවසන් වුණා.

අවසන් තරඟය පැවැත්වුණේ දඹුල්ල සික්සර්ස් සහ කළම්බෝ ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් අතරයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 123ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හාකි වූයේ ලකුණු 95ක් පමණයි.

මෙම තරඟය ජය ගත්තද දඹුල්ල කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. 

මූලික වටයේ තරඟ 20ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ගාල්ල කණ්ඩායමයි.

දෙවන ස්ථානය යාපනය කණ්ඩායමටද තුන්වන ස්ථානය කොළඹ කණ්ඩායමටද හිමිව තිබෙනවා.

සිව්වන ස්ථානයේ පසුවන්නේ නුවර කණ්ඩායමයි.

ඒ අනුව මෙම කණ්ඩායම් හතරම තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබුවා. අවසන් වටය හෙට ආරම්භ වීමට නියමිතයි.