Friday, October 18, 2024

General line - 0115112241

එල් පී එල් තරඟාවලියේ අවසන් වටය අද සිට




එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සෘජුව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම තෝරා ගන්නා තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා.

ඒ, මූලික වටයේ තරඟ 20ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගාල්ල කණ්ඩායම හා දෙවන ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම අතරයි.

අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම එල් පී එල් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා. 

අද තවත් තරඟයක් පැවැත්වෙන අතර එහිදී තරඟ බිමට පිවිසෙන්නේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායමයි.

මෙම තරඟයෙන් පරාජය වන කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසි වන අතර ජය ගන්නා කණ්ඩායම, අද පැවැත්වෙන පළමු තරඟයෙන් පරාජයට පත් වන කණ්ඩායම සමග ලබන සෙනසුරාදා යළි තරඟ වැදීමට නියමිතයි.

එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට එක් වන අනෙක් කණ්ඩායම වන්නේ එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමයි.

ගාල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර තරඟය අද සවස තුනට ආරම්භ වනවා.

කොළඹ - මහනුවර තරඟය පැවැත්වෙන්නේ අද රාත්‍රී 07යි 30ටයි.