Saturday, November 23, 2024

General line - 0115112241

අගමැතිනිය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමක් කැඳවීමට දින නියම වෙයි




අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණා.