Sunday, September 8, 2024

General line - 0115112241

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලිය හෙට සිට




ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලිය මෙරටදී හෙට ආරම්භ වනවා.

සියලු තරඟ පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරඟාවලියට කණ්ඩායම් 08ක් සහභාගී වනවා.

ඒ, කාණ්ඩ දෙකක් යටතේයි.

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරඟ වදිනවා.

බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය එම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම්. 

තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය හෙට සවස දෙකට ආරම්භ වන්නේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරයි.

වැඩිම අවධානයක් දිනූ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය හෙට රාත්‍රී 07ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය බංග්ලාදේශය සමග පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදායි.

තරඟාවලිය ලබන 28 වනදා දක්වා පැවැත්වෙනවා.