Sunday, September 8, 2024

General line - 0115112241

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද සිට

කාංචන ආරියදාස




2024 කාන්තා 20යි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 8ක් තරඟ වදිනවා.

තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලිය ආරම්භ කරමින් නේපාල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම් අද තරඟ වැදීමට නියමිතයි. පස්වරු 2ට එම තරඟය ආරම්භ වනවා.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි. මෙවර තරඟාවලිය පිළිබඳ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳ කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙලෙස අදහස් පළ කළා.