Sunday, September 8, 2024

General line - 0115112241

ආසියානු විස්සයි විස්ස කුසලානයට ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද තරඟ බිමේ




2024 20යි 20 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ජය ගැනීමට නේපාල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි තරඟය කඩුලු 06කින් ජය ගනිමින්.  

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 115ක් රැස් කළා. 

ජයග්‍රාහී ලකුණු 116ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 118ක් රැස් කරමින් තරඟය ජය ගත්තා. 

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි.

සිය කණ්ඩායම ඉහළ මානසිකත්වයෙන් අද තරඟයට පිවිසෙන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවා. 

ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 8ක් තරඟ වදිනවා.

තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.