Friday, October 18, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනා ගත්  බංග්ලාදේශය අසීරු තත්වයක 




2024 20යි 20 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දැන් පැවැත්වෙමින් තිබෙනවා 

ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිවයි 

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වූ අතර  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරා.

ඒ අනුව පලමුව පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර දෙකක් අවසානයේදී කඩුලු තුනක්  දැවී ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා.

සිය කණ්ඩායම ඉහළ මානසිකත්වයෙන් අද තරඟයට පිවිසෙන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවා. 

ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 8ක් තරඟ වදිනවා.

තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.