Sunday, September 8, 2024

General line - 0115112241

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක්




මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද  පස්වරුවේ සිදු විය. 

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත්  රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තවද එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායකගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද කටයුතු .කර තිබුනා.

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taro මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියා.