Sunday, September 8, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්  ආශිර්වාද පින්කම් රැසක් 




අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය  වෙනුවෙන් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ ධර්මරක්ෂිත පාර්ශ්වයේ ශ්‍රීමත් අනු නායක රාජකීය පණ්ඩිත වටගෙදර විමල බුද්ධි හිමි, නාරාහෙන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශාස්ත්‍රපති, පණ්ඩිත දෙමළුස්සය මේධංකර හිමි, බොරැල්ලේ අතුල හිමි, කිරුළපන පුෂ්පාරාමාධිපති ඇල්කඩුවේ නාගිත නාහිමි ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළහ.

ඉන් පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ගොස් ආගමික වතාවත්වල යෙදිණි.