Wednesday, January 15, 2025

General line - 0115112241

130ට පාන් දෙන්න බෑ




පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීම ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මෙම අදහස් පළ කළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින්.

තිරිඟු පිටි මිල අඩු කිරීමට රජය අදාළ සමාගම්වලට  බලපෑම් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් සියයකට අලෙවි කළ හැකි බව ඔහු පැවසුවා.

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දැමීමට බේකරි හිමියන් ඉකුත් දා තීරණය කළා.