Wednesday, January 15, 2025

General line - 0115112241

අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහයත් ජනපති රනිල්ට




එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මහජන එක්සත් පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ, මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ. 

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන, උපසභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපලේකම් විජය රත්නායක, උපසභාපති හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව තිබෙනවා.