Wednesday, January 15, 2025

General line - 0115112241

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සහ දුනිත් වෙල්ලාලගේ ඔසවා තබයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කළා.

පිටියට පිවිසි ක්‍රීඩකයින් සුපුරුදු පරිදි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී දුනිත් වෙල්ලාලගේ සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ඒ අනුව පන්දු 65ක් තුළදී දුනිත් වෙල්ලාලගේ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67ක්.

ඔහුගේ ඉනිමට 06 පහර දෙකක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.

පැතුම් නිස්සංක ලකුණු 56යි. කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 25 සීමාව පසු කරගෙන යාමට අවස්ථාව හිමි වූයේ නැහැ.

වනිඳු හසරංග ලකුණු 24යි. ජනිත් ලියනගේ ලකුණු 20කට සහ අකිල ධනංජය ලකුණු 17කට දැවී ගියා.

නායක චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 14 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා. 

ජයග්‍රාහී ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 03යි පන්දු දෙකක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 33ක් රැස්කරගෙන සිටියා.

දෙරට අතර පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.