Saturday, September 7, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් පසු දඹදිව යන සැදැහැවතුන්ගේ පාස්පෝට් ගැටලුවට විසඳුම්




නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණයෙන් අනතුරුව දඹදිව වන්දනාකරුවන්ට බාධාවකින් තොරව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ නියෝජිතයන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ලබන 09 වනදා සිට දඹදිව වන්දනාවේ නිරත වන පිරිසට හදිසි සහතික නිකුත් කිරීමටත් දැනට සිරවී ඇති ගුවන් ගමන් බලපත්‍ර දින 10ක් තුළ ලබා දීමටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන් එකඟ වී තිබෙනවා.

මේ, එම සාකච්ඡාවට එක් වූ විදේශීය බෞද්ධ චාරිකා සංගමයේ ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව.

ඒ අනුව ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව දඹදිව වන්දනාවේ නිරත වීමට සැදැහැවතුන්ට ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ.