Wednesday, January 15, 2025

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා එළියට එන හැටි




ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයට වැදගත් වන්නේ මන්ත්‍රීවරුන් සහය දක්වන අපේක්ෂකයා පිළිබඳ නොව සිය පාක්ෂිකයින් සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්වී ගන්නා තීරණයෙන් අනතුරුව නැකැත් චාරිත්‍රවලට මුල්තැන දෙමින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රකාශයට පත් කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

නෙත් නිවුස් රතු කට්ට සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.