Saturday, September 7, 2024

General line - 0115112241

රනිල් දිනවීමට ගම්පහ පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ වැඩපිලිවෙලක්




එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂයසහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති රැස්වීමකදී 

ගෙයින් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, කුඩා ජන හමු මෙන්ම, ඩිජිටල් තාක්ෂණය උපයෝග කර ගනිමින් සිදු කරන ජනාධිපති මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීමට මෙහිදී සියළු පක්ෂවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක්ද එහිදී පත් කර තිබෙනවා.

මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ඇමති ප්‍රසන්න රණතුංග  සහ ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 16 දෙනෙක්  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඊයේ පැවැති රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මීට අමතරව ගම්පහ නගර සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ  ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක  වරුණ දීප්ත රාජපක්ෂ සමඟ පළාත් පාලන කොට්ඨාශ නියෝජනය කරන එජාප නියෝජිතයන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සහභාගී වී තිබුනා.