Wednesday, January 15, 2025

General line - 0115112241

අසාමාන්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ  සමාරම්භය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.




අසාමාන්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත් විය.

ඒ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් 

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබෙනවා.

අසාමාන්‍යතා සහිත සංවර්ධනය නොවූ දරුවන් හදුනාගෙන පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර සේවාවන් ලබාදී එම දරුවන්ගේ මනස දියුණු කර ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණ වෙනවා . 

මෙම ව්‍යාපෘතිය කොළඹ, ගම්පහ, නුවර, මඩකළපුව සහ කළුතර වශයෙන් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය තුල මෙම වැඩසටහන තව තවත් ජනප්‍රිය කිරීමේ අරමුණින් අගොස්තු ‌මාසය “Include Month” ලෙස නම් කරමින් එහි සමාරම්භක ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (03) දින ක්‍රියාවට නැංවිය.

මේ  සදහා විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු, භෞතවේද, භාෂා කථනවේද සහ වෘත්තීයමය චිකිත්සක ඇතුලු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර, එමගින් ඉහත දරුවන් ඇගයීමකට ලක් කර, ගැටළු හදුනාගෙන ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ මොළය සංවර්ධනය කිරීමට අදාල උපදෙස් දෙමාපියන්ට ලබාදෙනු ලබනවා.