Saturday, September 7, 2024

General line - 0115112241

බංග්ලාදේශ අර්බුධයට අමෙරිකාවත් ගෑවෙයි




මහජන විරෝධතා හමුවේ රටින් පලා ගිය බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා අමෙරිකාවට ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ, තමන්ව බලයෙන් පහකිරීමට අමෙරිකාව සම්බන්ධ බවට චෝදනා කරමින්.

“මිනිසුන් මියයනවා බලන්න වෙන්නේ නැති වෙන්න මම ඉල්ලා අස්වුණා. සිසුන්ගේ මළ සිරුරු උඩින් ඔවුන්ට බලයට පැමිණීමට අවශ්‍ය විය, නමුත් මම එයට ඉඩ දුන්නේ නැත, මම අගමැතිකමෙන් ඉල්ලා අස්විය." යනුවෙන් ෂීක් හසීනා පවසා තිබෙනවා.

ඇය වැඩිදුරටත් පැවසුවේ "මම ශාන්ත මාටින් දූපතේ ස්වෛරීභාවය යටත් කර ඇමරිකාවට බෙංගාල බොක්ක මත පාලනය කිරීමට ඉඩ දුන්නේ නම් මට බලයේ රැඳී සිටිය හැකිය." යනුවෙනි.

 "කරුණාකර රැඩිකල්වාදීන්ට හසුවන්නට එපා යැයි මම මගේ රටේ ජනතාවගෙන් අයදිනවා,” යනුවෙන් හසීනා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

Saint Martin Island යනු වර්ග කිලෝමීටර් 3ක් පමණක් වන කුඩා භූමි ප්‍රදේශයකි.

බංග්ලාදේශයේ දකුණු දෙසින් පිහිටි කොක්ස් බසාර්-ටෙක්නාෆ් අර්ධද්වීපයේ කෙළවරට කිලෝමීටර් 9ක් පමණ දකුණින් බෙංගාල බොක්කෙහි ඊසානදිග ප්‍රදේශයේ එය පිහිටා ඇත.

රැඩිකල්වාදීන්ගේ මෙහෙයවීම් සදහා එරෙහි වන ලෙස හසීනා සිය පණිවිඩයේ බංග්ලාදේශ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මහජන විරෝධතා හමුවේ නායකයින් ඝාතනය කිරීම, කම්කරුවන්ට හිරිහැර කිරීම සහ විනාශකාරී ක්‍රියාවන් පිළිබඳව හසීනා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා