Wednesday, January 15, 2025

General line - 0115112241

චීනයේත් වර්ජන ඉහල යයි

චිරාන් ධර්මසේන




ජපානය පදනම් කරගත් ඉංග්‍රීසි භාෂා සතිපතා ප්‍රවෘත්ති සඟරාවක් වන Nikkei Asia විසින් වාර්තා කරන ලද පරිදි, චීනයේ ආර්ථික වර්ධනය පිරිහෙන විට, දේපල හා නිෂ්පාදන ක්ෂේත්‍රවල කම්කරු ආරවුල් වැඩි වී ඇති අතර, නිල්-කරපටි සේවකයින් සඳහා සමාජ ආරක්ෂණ ජාලය පිළිබඳ කනස්සල්ල මතුව තිබේ.

චීනයේ නවතම වාර්තා අනුව 2024 පළමු භාගය තුළ කම්කරු වැඩ වර්ජනවල සියයට 3 ක වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

දේපල හා නිෂ්පාදන අංශ තුළ වැඩවර්ජන සියයට 12 ක වැඩිවීමක් සමඟ, දැන් මෙම වැඩ වර්ජනවලින් සියයට 80 කට දායක වේ.

Nikkei Asia ට අනුව, චීනයේ ආර්ථික වර්ධනය මෙම වසරේ පළමු කාර්තුවේ සියයට 5.3 සිට 2024 දෙවන කාර්තුවේදී සියයට 4.7 දක්වා මන්දගාමී වී තිබෙනවා.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මෙම ඉහළ යාම සමාජ පීඩනය වැඩි වීම පිළිබිඹු කරන බවයි පැවසෙන්නේ.