Saturday, November 30, 2024

General line - 0115112241

ඡන්ද කාඩ් ගෙන් ගෙට බෙදා හැරීම අද සිට




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට නිවෙස් වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 14 වන දින දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නියමිතයි.

ඊට අමතරව ලබන 08 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.


ලබන 14 වනදා වන විට සිය ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට එය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර ජනාධිපතිවරණය අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට සිට ආරම්භ වනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේ සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ලබන 05 වනදා සහ 06 වනදා රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින වෙන්කර තිබෙනවා. 

ඉහත දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 වනදා හා 12 වනදා සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.