Saturday, November 30, 2024

General line - 0115112241

 ඊශ්‍රායල අගමැති මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනාගේ පවුල් වලින් සමාව ඉල්ලයි 




ගාසා තීරයේ උමගක් තුළ මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු  එරට මියගිය පුද්ගලයන් හය දෙනාගේ පවුල්වලින් සමාව ඉල්ලා තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුව දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාව අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධතා ක්‍රියාත්මක වූ පසුබිමක ඔහු මේ බව කියා සිටියේ.

විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

එහිදී ඔහු පවසා සිටියේ ප්‍රාණ ඇපකාර ගනුදෙනුවක් වැලැක්වීමට තමා වගකිව යුතු බවට දේශීය හා ජාත්‍යන්තර විවේචන ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන්ව පණපිටින් ගෙන ඒමට නොහැකි වීම ගැන තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

ඔහු පවසා සිටියේ  ප්‍රාණ ඇපකරුවන්ට සමීපව සිටිය නමුත් ඉවත් කිරීමට සමත් නොවූ බවත් .ඉතිරි ප්‍රාණ ඇපකරුවන් රැගෙන ඒම සඳහා ගත හැකි සෑම ක්‍රමයක්ම සොයන බවයි.

යුද්ධය ජය ගැනීමට නම්  කුරිරු සතුරෙකුට එරෙහිව අපි එක්සත්ව නැගී සිටිය යුතු බවද නෙතන්යාහු අවධාරනය කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියත් සමග එංගලන්තය ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නවතා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .