Thursday, September 19, 2024

General line - 0115112241

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාව වැඩ පෙන්වයි




ඉන්දියාවේ පැවති සිව්වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

එම තරගයේ පිරිමි මීටර 100  හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවේ මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරඟය නිම කිරීමට ගත කළ කාලය තත්පර 40. 28ක්.

පිරිමි මීටර 400 හතර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. 

මේ අතර මෙම තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ද රන් සහ රිදී පදක්කම් දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.