Thursday, September 19, 2024

General line - 0115112241

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.    

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග වැදීමටයි.

මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු තරගය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා දෙරට අතර තරගය පැවැත්වෙන්නේ නැහැ.

ලබන 26 වනදා ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් දෙක අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.