Thursday, September 19, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇදහිය නොහැකි වෙනසක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා.    

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

එංගලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරඟයේදී මෙන් මෙම තරඟයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂතා දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩාමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ. 


මෙම සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරුවා ලෙස රංගන හේරත් කටයුතු කිරීම ශ්‍රී ලංකා පිලට අභියෝගයක්ද?


මේ අතර ක්‍රීඩා වාර්තා සඳහන් කළේ මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස්ට සිය සුපුරුදු පිතිකරණ ස්ථානය අහිමි වනු ඇති බවයි.

සාමාන්‍යයෙන් කුසල් ආරම්භක හෝ අංක තුන පිතිකරුවා ලෙස කටයුතු කිරීම සිදු වනවා. 

එහෙත් අද තරඟයේදී කුසල් මෙන්ඩිස් අංක 07 ස්ථානයට යොදවනු ඇති බවට ක්‍රීඩා වාර්තාවල සඳහන්.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් අංක 03ටද කමිඳු මෙන්ඩිස් අංක 05 ස්ථානය දක්වාද ඉදිරියට පැමිණෙනු ඇති.