Monday, September 23, 2024

General line - 0115112241

ටෙස්ට් ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය කරට කර සටනක.




'සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ඊයේ දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය දෙවන දිනය වෙනුවෙන් කඩුළු 8 ක් දැවී ලකුණු 207 ක් රැස්කරගෙන සිටියා.

ලකුණු 91 ක් රැස්කර ගනිමින් කඩුල්ලේ රැදි සිටින රචින් රවීන්ද්‍ර තරගයේ ජය නවසීලන්තයට හිමිකර ගැනීමට දැඩි සටනක නිරත වනවා.

ඒ, තරගය ජය ගැනීමට තවත් ලකුණු 68 ක් අවශ්‍යවීම හේතුවෙන්.පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 3 බැගින් දවා ගනු ලැබුවා.

අසිත ප්‍රනාන්දු සහ නායක ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර දෙවන ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 309 ක් රැස් කළා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුණු 340 ක් රැස් කිරීමට සමත් වුණා.'