Friday, November 22, 2024

General line - 0115112241

සජිත්ගේ පුටුවේ වාඩි වූයේ ඇයි? මන්ත්‍රී අර්ජුනාගෙන් උත්තර




පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්‍ෂ නායක ධුරය වෙනුවෙන් වෙන් කළ ආසනයේ තමන් අසුන් ගත්තේ නොදැනුවත් කමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා පවසනවා. 

කෙසේවෙතත් වෙනත් අසුනක අසුන් ගන්නා ලෙසට සභා ගර්භයේ කාර්ය මණ්ඩලය ඊයේ කළ දැනුම්දීමට ද මන්ත්‍රීවරයා විරෝධය පළ තිබෙනවා. 

එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා මෙලෙස අදහස් පළ කළා.

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායමකින් මහ මැතිවරණයට තරග කළ වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.