ගල්කිස්ස, බඩෝවිට පාලම අසල සිදු කළ වැටලීමකදී අයිස් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 150ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු බඩෝවිට ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් හමුවේ දෙහිවල පොලිස් වසමේ නිවසක සිදු කළ සොරකමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.