Wednesday, September 25, 2024

General line - 0115112241

අන්තර්ජාතික ජූඩෝ තරඟාවලියට සහභාගී වී පදක්කම් දිනා ගත් ජූඩෝ කණ්ඩායම යළි දිවයිනට




තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම යළි මෙරටට පැමිණ තිබෙනවා.  

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ් ඩී 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 21 දින සිට 23 දින දක්වා පැවති මෙම ලෝක අන්තර්ජාතික ජූඩෝ තරඟාවලියට ලෝකයේ රටවල් 15කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාතික ජූඩෝ තරඟාවලියෙන් රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරඟ කළ ආර් සී එන් ධර්මවර්ධන රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක්.