Wednesday, September 25, 2024

General line - 0115112241

අඛණ්ඩ එක්දින තරඟ 14ක් ජයගෙන සිටි ඕස්ට්‍රේලියාව එංගලන්තයට පරාජය වෙයි




දින 348ක් පුරා අඛණ්ඩව එක්දින ක්‍රිකට් පිටියේ ජයග්‍රහණ රැස්කරමින් ඕස්ට්‍රේලියාව  පැමිණි ගමන නිමා කිරීමට එංගලන්තයට ඊයේ හැකි වුණා.          

ඒ, අඛණ්ඩ එක්දින තරඟ 14ක් ජයගෙන සිටි ඕස්ට්‍රේලියාව  පරාජයට පත්කරමින්.

ඕස්ට්‍රේලියාව මෙලෙස එක්දින තරඟයක් පරාජයට පත්වන්නේ දින 348කට පසුව වීම විශේෂත්වයක්. 

ඕස්ට්‍රේලියාව  හා එංගලන්තය අතර පැවති මෙම එක්දින තරඟය දෙරට අතර තුන්වන එක්දින තරඟයයි.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව  කඩුලු 07කට ලකුණු 304ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 37යි පන්දු 04කදී කඩුලු 04කට ලකුණු 254ක් රැස් කරගෙන සිටියා.

වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් පසු තරඟය නතර කළ අතර ඒ අනුව තරඟයේ ජය හිමිවුණේ එංගලන්තයටයි.

නායක හැරී බෘක් නොදැවී ලකුණු 110ක් රැස් කළා.

එහිදී හැරී බෘක් ඉතිහාසයට එක්වුණේ එංගලන්තය වෙනුවෙන් ශතකයක් රැස්කළ ලාබාලතම නායකයා ලෙසයි.

ඔහු ශතකය රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 25ක්.

කෙසේ වෙතත්, තරඟ 05කින් යුත් මෙම එක්දින තරඟාවලිය මෙතෙක් නිමාවූ තරඟ 3න්, 2ට එකක් ලෙස ඕස්ට්‍රේලියාව  පෙරමුණේ පසුවනවා.