Wednesday, November 27, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් පැය කිහිපයක් තුළ




2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වන විට පවතින්නේ අවසන් අදියරේ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වුණා.

ඊට අයදුම්කරුවන් හාරලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.   

මේ අතර, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළිත් පවත්වන ලෙසට බල කරමින් මව්පියන් පිරිසක් අද දිනයේද විරෝධතාවක නිරත වුණා.

ඒ, මිනුවන්ගොඩ හේන්පිටගෙදර ඥාණසීහ විද්‍යාලය ඉදිරිපිටදීයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන විමර්ශනවලින් අනතුරුව තීරණයක් ගන්නා බවයි.