පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29 වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ඒ, පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඔහු කියා සිටියේ ලබන 29 වනදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සකස් වූ පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.