Wednesday, November 27, 2024

General line - 0115112241

ජනපතිවරණයට මෙන්  මහමැතිවරණයටත්  සහය දෙන්නැයි ඉල්ලීමක්




ඉතිහාසයේ ප්‍රථම වරට සාමකාමී ලෙස පැවැත්වූ ජනාධිපතිවරණය මෙන් මහ මැතිවරණයද පැවැත්වීමට පැෆ්රල් සංවිධානය දේශපාලන පක්ෂවලින් සහ තරඟවැදීමට නියමිත අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව දිවයිනම ආවරණය වන පරිදි සිය නිරීක්‍ෂණ කටයුතුද ආරම්භ කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

ඉදිරි මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තොබර් 11 වන දින මධ්‍යහන 12 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 21 වනදායි.