Saturday, September 28, 2024

General line - 0115112241

ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දැඩි සටනක




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින සංචාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියා.

තෝමස් බ්ලන්ඩෙල් ලකුණු 47ක් සහ ග්ලැන් ෆිලිප්ස් ලකුණු 32ක්  රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 61කටත් කේන් විලියම්සන් ලකුණු 46ක් රැස්කළා.

පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 03ක් මෙන්ම ප්‍රභාත් ජයසූරිය සහ නායක ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 88ක් පමණයි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සංචාරක නවසීලන්ත කණ්ඩායම තවත් ලකුණු 315ක් රැස්කළ යුතු වනවා.