Saturday, September 28, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හිස්බුල්ලා නායකයා මරුට




හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා මියගොස් ඇති බව ඊශ්‍රායලය පවසනවා. ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම ගුවන් ප්‍රහාර හමුවේ හිස්බුල්ලා නායකයා මියගොස් තිබෙනවා.

තවත් 06 දෙනෙකු ද මියගොස් ඇති අතර 91 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

2006 වසරේදී ඊශ්‍රායලය සමඟ ඇති වූ යුද්ධයෙන් පසු හසන් නස්රල්ලා වීරවරයෙකු ලෙස ජනතා ප්‍රසාදයට පත් වූ බව සඳහන්.

ඊශ්‍රායලය විසින් තමන් ඝාතනය කරනු ඇතැයි බියට පත්ව සිටි ඔහු වසර ගණනාවක් සැගව ජීවත් වී තිබෙනවා.

හසන් නස්රල්ලා හිස්බුල්ල නායකයා ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.